Wednesday, June 28, 2017

එනු මැනවි මා වෙත......





පිනැති කුමරියක් හෝ කුමරෙක් - ඉන්නවනම් භවේ
එන්න මගේ කුසට අනේ - මාද මවක වන්නේ
හෙලන කඳුළු ලොවට හොරෙන් - දන්නවනම් මගේ
එන්න මගේ රත්තරනේ - පමා නොවී මෙසේ

ලොවේ සියළු කුණු ඕජස් - කතා නිතර ඇසේ
නිවස තුළත් රැවුම් ගෙරුම් - අව සැලකිලි දැනේ
කුමක් කරන්නද පිං මදි - වීද මගේ කුසේ
ඉන්න ඇවිත් පැලපදියම් - නුඹට මගේ පුතේ

එනවානම් මගේ ලොවේ - රජුන් ඔබයි පුතේ
එනවානම් මගේ ලොවේ - රැජින නුඹයි දුවේ
මේ කිසිවක් නැතිවු කලට - මගෙ ජීවන මගේ
කුමන අරුත වෙයිද නුදුරු - අඳුරු ගමන් පෙතේ

නෙත් විවරයි නෙතේ කඳුළු - දැන් වියළී ගිහින්
හිත විවරයි හිතේ පැතුම් - දැන් ගිලිහී ගිහින්
හද විවරයි හදේ හැඟුම් - දැන් වියැකී ගිහින්
මං විතරයි මගේ සිතුම් - දැන් බොල්වී ගිහින්...

අසංක ගයාන් අබේසිංහ

Tuesday, June 27, 2017

ලොකුම අවුල......??? (කවියක් නොවේ)

                        




 " කරුණාකර ලොව අනෙකුත් රටවල පවතින ආහාර හිඟතාව සඳහා වන විසඳුම් පිළිබඳව ඔබගේ අවංක අදහස පවසන්න "
 

ලෝක සමුළුවකදී ඉහත ප්‍රශ්නය සඳහා ලැබෙන පිළිතුරු පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලදී.

එහිදී සමීක්ෂණ කණ්ඩායම මහත් අසීරුතාවකට පත්වූයේ පහත හේතු නිසාය...

1. අප්‍රිකාව - 'ආහාර' යනු මොනවාදැයි නොදනී.

2. නැ. යුරෝපය - 'අවංක' කම ගැන හැඟීමක් නොමැත.

3. බ. යුරෝපය - 'හිඟතාව' පිළිබඳ අවබෝධයක් නොමැත.

4. චීනය - 'අදහස' යනු කුමක්දැයි නොදනී.

5. මැද පෙරදිග - 'විසඳුම' යනු කිසිදා අදාළ නොමැති වචනයකි.

6. දකුණු ඇමරිකාව - 'කරුණාකර' යන වදනෙහි තේරුම නොදනී.

7. ඇමරිකා එක්සත් ජනපදය - 'ලොව අනෙකුත් රටවල්' යනු මොනවාදැයි නොදනී.


 
අන්තර්ජාලය ඇසුරිනි.

 

අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...