Wednesday, January 18, 2017


නිල් කටරොලු දෑස් අගින්..............සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
 ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න


රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය.  ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා  කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි.  ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්.  ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර  ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.

 



සටහන 
හසිත හර්ෂණ වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...