Monday, May 25, 2015

දයාසිරි රනිල්ට කියන සින්දුව - ඔයා දිහයි බලං හිටියේ අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා........



දයාසිරි -  ඔයා දිහායි බලන් හිටියේ 
              අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා  (දැන් ඉතින් මාව පේන්නෑ)
              ළගින් හිටියේ නැති ටික කාලෙට 
              ඔයා හුගාක් වෙනස් වෙලා ..............  (දැන් ලොකු මිනිහෙක්නේ)
                 

රනිල් -  අපේ හීන වලින් ඔයා 

            ගියා කියා ඉවත් වෙලා (අපේ පක්ෂයට කෙලලා ගියාම)
            සුසුම් හොරෙන් ළගින් තියාගෙන 
            හිටියේ මං තිගැස්සිලා (ඉවරයක් ම වෙයිද කියලා තිගැස්සුනා)
            ඔයත් ටිකක් වෙනස් වෙලා......... (ඔයා ටිකක් මහත් වෙලා)


රනිල් - තනිවුණ කුසුමෙක තනිකකම මැකුවෙත් 

            ඔබ විතරක් හින්දා (යන්තම් හරි කෑ ගහන්න හිටියේ ඔයා විතරයි)
            දවසෙම හිනැහුණු හිත හැම රෑකම 
            තනියම ඉකිබින්දා (රටට පේන්න හිනාවෙලා හිටියට රෑට අැඩුනා)


දයාසිරි - අකලට කදුලින් නා කපනා වැහි 
              වැස්සුවේ මං හින්දා (හිතවේවත් නැති වෙලාවක කෙලවලා ගියේ මං හින්දා)
              ගෙන යන්නම් කැන්දා


රනිල් -   අපි වෙනුවන් අපි තනියම 
              හිටි හැටි අපිවත් දන්නෑ (විපක්ෂයට වෙලා අපි ටික දෙනා හිටපු කාලේ)
              ලොවට හොරෙන් කළ කී 
              දේවල් කවුරුත් දන්නෑ (ඒවත් ඉතින් අපි අතර නොවුණා නෙමෙයිනේ)

දයාසිරි - මගේ ලොවට ඔබ හැර 
              වෙන සැලසුම් මට කිසිවක් නෑ (ඊළග පාර නොමිනේෂන් දෙන්නකෝ)
              අායෙත් අපි තනිවෙන්නෑ........ (අම්මපා අායෙත් දාලා යන්නෑ.......)

දයාසිරි - ඔයා දිහායි බලන් හිටියේ 
              අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා.......................



කසුප් අනුරාධ




ගීතය මෙතැනින් බලන්න.

Tuesday, May 19, 2015

මේ පාර කොහෙටද......?



මහත්මයෙක් දිනක් සිය වාහනයෙන් ගමනක් යයි. ඔහුට පාර වැරදෙයි. අතරමග හේනක වැඩෙහි යෙදෙමින් සිටි ගැමියෙකුගෙන් පාර විමසයි...

මහත්මයා : මේ පාරෙන් කොහෙට යන්න පුළුවන් වේවිද
ගැමියා : මේ වංගියෙ අස්වැන්නත් යකාට ගොස් වෙද

මහත්මයා : ලොකු උන්නැහෙ මම ඇහුවේ පාර කොහෙටද
ගැමියා : වැස්ස ටිකක් වැටුණානම් පංකාදුයි අද

( ගැමියාට කන් ඇසීම අඩු බව මහත්මයාට තවමත් නොවැටහෙයි. ලැබෙන පිළිතුරු විහිළුකාර නිසා කුපිත වූ ඔහු මහ හඬින් කෑ ගසා ප්‍රශ්න විමසයි )

මහත්මයා( යටිගිරියෙන් ) : ඕයි මෙතන ඇහුවේ මම පාර කොහෙටද
ගැමියා( බයාදුවෙන් ) : ඒක තමයි බලනු හොඳයි මට ඇති දස වද

( ගැමියා සමග කෝප වූ මහත්මයා ගසා දමා වාහනයට නැග යන්න යයි. ඊට කිලෝමීටරයක් පමණ එහායින් වූ හේනක වැඩ කරන ගැමි කාන්තාවක් දැක ඔහු යළි වාහනය නවතා බිමට බසී. ඔහු දුටු ගැමි කත පළමුව කතා කරන්නට පටන් ගනී )

ගැමි කත : මේ පාරෙන් යන්න හැකිය අනුරාධපුරේ
මහත්මයා( පුදුමයෙන් ) : ඇහුවෙත් නැතුවම කොහොමද දැනගත්තෙ හොරේ

ගැමි කත : මම දන්නවා මහත්තයට ඕන කුමක් කියා
                ඈත තියා මට ඇහුනා පාර ඇහුව නියා


අසංක ගයාන් අබේසිංහ



Thursday, May 14, 2015

සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද .....????



අපි යුද්ධෙ ඉවර කරා.
නෙම යුද්ධාධිකරණයට යන්න
නෙම තැනක අපි කරපු දේවල් කියන්න
බින්දුවක්වත් බය නැහැ.
නන්දිකඩාල් කලපුවෙන් 
ප්‍රභාකරන් අතුගාලා දාපු අපි කාටද බය........???

සර් පොඩ්ඩක් 
දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?

අෑ මොනවා ....
බුදු අම්මෝ ...
මෙන්න මාව මරන්න ගෙනියනවෝ...
මාව බේරාගනියෝ......
අම්මෝ.............

අපි රට සංවර්ධනය කරා.
කන්න අදින්න නැතුව හිටපු ජනතාවට
කාර් වල හෙල්ලෙන්නැතුව යන්න 
අපි පාරවල් හැදුවා.
බිම වැටිලා හිටපු ජනතාවගේ 
දිවිය නැග්ගුව අපි කාටද බය .................????

සර් පොඩ්ඩක් 
දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?

අෑ මොනවා ....
බුදු අම්මෝ ...
මෙන්න මට පපුවේ අමාරුවක් හැදුනෝ...
ගෙවන වාට්ටුවකට ගෙනියපියෝ...
අම්මෝ...........


කසුප් අනුරාධ


.

Tuesday, May 12, 2015

අවාරේ පිපි මල් කැකුලී......



ඉඩෝරයක රුදු දාහය හමුවේ
මිලාන වී ගිය හදවත නුදුරේ
රහසක් කොඳුරා සුසුමක් තවරා
අහඹුම මොහොතක මා ලොව මත් කළ

අවාරේ පිපි මල් කැකුලී...

නිදි නැති දහසක් රෑ යම අතරේ
පාළුව තනිකම තුරුලෙ හොවාලා
පහනක් දැල්වුණි ඒ ගණ අඳුරේ
ඒ අතරින් මැවුණා රුව ඔබගේ

සොඳුරු දෙව්ලියේ...
පුංචි කැකුලියේ...


නිල්මිණි දෑසේ විල්තෙර මානේ
සිසිලක් ඉසලා පවසක් නිමවා
තුරුණු වියේ අග සසලවු හදවත
ආදර කැල්මෙන් බැල්මෙන් ළෙලවූ

පුංචි සොබනියේ...
ළකල් කුමරියේ...


අසංක ගයාන් අබේසිංහ

Saturday, May 9, 2015

උදව්වට අාවට සල්මන් මල්ලි - උසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලි



ඔයා බයවෙන්නෙපා නංගී
වැහුවට සල්මන් හැංගි හැංගී
ඔයාට මුකුත් වෙන්නෑ නංගී
මේවා හෙණ ගහන වැඩ නේද ජැකලින් නංගී

''සල්මන් මේවා දන්නෑ
අයියේ සල්මන් වැරදි නෑ
ඡන්දෙ කියලත් දන්නෑ
චිත්‍රපටියක් නෙමෙයි කිව්වනම් කීයටවත් ඒන්නෑ

නියමෙට ම රග පෑවා
මගේ කඩෙනුත් අාප්ප කෑවා
බිත්තර අාප්ප පා කීවා
ඒත් අාප්ප පරහට හිටීදෝ කියලා හිත කීවා"

හැමදේටම සල්ලි
සල්ලි දෙයියන්ගේ මල්ලි
උදව්වට අාවට සල්මන් මල්ලි
උසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලි

ඔහොම තමා ජැකලින් නංගී
ඔයා නාඩා ඉන්න නංගී
පිකට් ගොඩාරියක් කරලා නංගී

ජනාධිපති සමාවක්වත් අරං දෙන්නම් නංගී .............


කුගෑගීප

Thursday, May 7, 2015

දැන් අපිට අවුරුදු දෙකයි...... උපන්දින තෑග්ග - කුරුටු සින්ඩිය





දැන් අපිට අවුරුදු දෙකයි.
බ්ලොග් සහෘදයන්ට දෙන්න තෑග්ගක් ගෙනාවා.
අවුරුද්දක් තිස්සේ ගොඩනගපු තෑග්ගක් මේක.
හැම අලුත් බ්ලොගයක් ම, දිගට ම  ලියන බ්ලොගයක් ම,
හැම තැනම අැවිදලා අහුලා ගත්තා........

මීට අවුරුදු දෙකකට උඩදි දවසක
හසිත තමයි බ්ලොගයට අත තිබ්බේ.
ඒත් කාලෙන් කාලෙට පවුලේ උදවිය 
මේ පවුලටත් ඒකතු වුණා
ක ක්කෙනා බර අරන් බ්ලොගය අැද්දා
සමහර කාල වලට සමහරු පේන්නම නැති වුණා
ඒත් අනික් අය බ්ලොගය දිගට ම අැද්දා.........
(උඹලා අැති වෙනකල් ඒකට බැන්නා)

දැන් බ්ලොග් ලියන අතර ම 

බ්ලොග් සහෘදයන් වෙත තවත් දෙයක් කරන්න
කාලය හරි කියලා හිතෙනවා.
අපිටත් දැන් බ්ලොග් ලෝකයේ පය ගහලා
නැගිටින්න හැකිය කියලා හිතෙනවා.
ඒ හැගීම වෙනුවෙන් පළමු පියවර තමයි
අපේ අලුත් ම සින්ඩිය.........

අතින් වියදම් කරගෙන ඩොන්ගලේට කාඩ් දාගෙන

අනික් වැඩ වලට තියෙන කාලය වැය කරලා
අනික් අය වගේම බාධා මැද කරන බ්ලොගයක් තමයි
ඒත් ඒ තුළින් ලැබෙන දැනුම, විනෝදය සහ අාශ්වාදය
තව තවත් අපිව උසිගන්නනවා බ්ලොග් කෙරුවාවට
ඒකයි අපිට අැති කම සතුට.... වින්දනය

පළවෙනි ම පෝස්ටු වලට කමෙන්ටු, හිට්ස් නැතත්

ක්‍රමයෙන් උඹලා අපිට කමෙන්ටු දැම්මා
නිතර අැවිත් බ්ලොගයේ පාලු මකලා දැම්මා
වැරදි වුණාම අපිට බැන්නා
හරි දේවල් ලිව්වා ම ඒවා උස්සං ගිහිං
හැම තැනම දාලා අපිව ඔසවා තැබුවා
සිරීයස් කමෙන්ටු දැම්මා.. විහිලු කරා.... 
විසම්මුතික මතයන් අාවාම වරු ගණන් 
බැණ ගත්තා...... කෑ ගැහුවා.....
අපිට තිබුණ ඒකම හයිය ඒච්චරයි...........

උඹලා හැමෝට ම ස්තූතියි...

අපිට කියන්න පුළුවනුත් මෙච්චරයි.
හැමදාම අපිත් ක්ක ඉන්න හැකිනම් 
අපිට ඕනෙත් ච්චරයි...

හෙනම් මෙන්න අපේ උපන්දින තෑග්ග

කුරුටු සින්ඩිය........

http://kurutugegeepawra1.blogspot.com/


කුගෑගීප සහෘද කැළ


Wednesday, May 6, 2015

මං හොඳ ළමයෙක් මං දැන් හැදිලා................



මං හො ළමයෙක් ළකදි ඉදලා
 වැඩ දන්නෑ මං දැං හැදිලා
පුංචි පුතා මගෙ සුරතල් කරලා
කුක්කු පොවන්නට කාලෙ අැවිල්ලා

ගස් බඳින්නෙ නෑ ගස්ගැන දන්නෑ
වෙඩි තියන්නේ නෑ තුවක්කු දන්නෑ
ටවුමට කඩේට මං දැන් යන්නෑ
දැන් ඒ කිසිවක් මට මතකත් නෑ

අපේ ලොක්කා ගොස් ගෙවන වාට්ටූ
උන්ගේ ෆයිල් මං කළා මාට්ටූ
දැන් ඒ නඩේට හරිම තෙහෙට්ටූ
දත කට අත පය වෙලා පූට්ටූ

මගේ කතා දැන් ගණන් ගන්නේ නැහැ
මාධ්‍ය කොල්ලෝ පස්සෙන් න්නැහැ
ඉස්සර උසාවි නොගිය දිනක් නැහැ
දැන් නං ළගකදී උසාවි ගියෙ නැහැ .....................


කසුප් අනුරාධ


.

Tuesday, May 5, 2015

මෙෙත්‍රී හමුවී මහින්ද කියන ගීතය......... (අනේ සර් මට හිමි තැන දෙනවාදෝ....)


පණම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් කටක් පවුලට කවන්න
මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ


අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ


මට මතක් වෙනවා සරත්ට තැලූ පෙලූ හැටී
ඒත් සරත් අාවේ නෑ මං වගෙ දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ


සැබෑ ගීතයේ අයිතිකරුවන්
ගායනය - නෙවිල් ප්‍රනාන්දු / නීලා වික්‍රමසිංහ (සිංහල), Sandra Edema / නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි)
පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) 
පරිවර්තනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - නිමල් මෙන්ඩිස්


පසු සටහන - මෙය මෙම ගීතය කෙරෙහි කිසියම් හෝ වරදක් කිරීමේ අටියෙන් සටහන් තබන ලද්දක් නොවන බව සැලකුව මනාය. ඉහත සිද්ධිය හා මෙම ගීතයේ අැති ගැලපීම දුටු විට මෙය සටහන් නොකර සිටීමට නොහැකි යැයි හැගුණ බැවින් සටහන් තබන ලද්දකි.... 


කුගැගීප 


.

Saturday, May 2, 2015

විලියම්ගේ අලුත උපන් දියණියට අාදරයෙන්.................



සැපනම් තමයි.
තාත්තා කිරුළ හිමි කුමරු...
සීයා කිරුළ අහිමි කුමරු...
අාතම්මා රුජිණ...
තව මොනවද මීටත් වඩා.................

ඒත් නුඹ ලොකු දැරියක් වුණාම තේරේවි
එක පැත්තකින් කිරුළ
පරම්පරා තුනක් අෑතින් තිබුණත් 
උණුසුම දැනෙන කිරුළ...........

අනික් පැත්තෙන් ඒකාධිපතීන්,
ඒකාධීපති අාණ්ඩු වගේම
රජවරු පවා ප්‍රතික්ෂේප කරන
අතිශය ලිබරල් සමාජය...........

දැන් ලෝකයම බලාන ඉන්නේ නුඹ දිහා
දැනට නොදැනුනාට ටිකෙන් ටික දැනෙයි
ඒකෙ බර...... පීඩනය..... කරදරය......
කවදාවත් තමන්ට වුවමනා දේ කරන්න බැරි
රටට සහ ලෝකයට අවශ්‍ය දේම කරන්න වෙන
කුමාරියක් වුණාම තියෙන අමාරුව............................

ඒත් සමහර විට උඹටත් හැකිවේවි
රට්ටුන්ට බයේ හැංගිලා ජීවත් නොවී
ලෝකයාට බයේ උන්ගේ පදේට නොනටා
කිරුළටවත් සමාජයටවත් යටනොවී
තමන්ට නේ විදිහට අඩුම ගානේ
තමන්ගේ මිනිහාවත් තෝරාගන්න

හරියට සීයා වගේ....................................


තුෂාර විතාරණ


.

Friday, May 1, 2015

ලෝක කම්කරු දිනය දා................


පහළම ලියද්දේ ගුණසේන මාමාගේ අදහසක් අනුව
පන්සලේ නායක හාමුදුරුවන්ගේ උපදේශකත්වය මත
ඉහළ ලියද්දේ ඥානපාල මාමාගේ යෝජනාවෙන් සහ
මැද කුඹුරේ සිමියොං අප්පුගේ අාරාධනයෙන් 
අල්ලපු ගමේ ධර්මදාස බාසුන්නැහේ අතින් නිමැවුණු
ඉහළ ගහ ලියද්ද අමුණ
2015-05-01 වන
ලෝක කම්කරු දිනය දා
ගමේ කම්කරු ජනතාව විසින්
ජනතා අයිතියට පත්කරගත් වගයි.


කුගැගීප


.



Related Posts Plugin for WordPress, Blogger...